මේ බ්ලොග් එක කියවන අය දැන් රොන් ගැන හොදාකාරවම දන්නව ඇති කියල මම හිතනව, මේ රොන් ගැන අපි නොදන්න තව කතාවක්, මේ කතාව මට ෆැක්ස් කරල එව්ව අපේ ඇල් කේ ඩූඩ් නොහොත් එංගලන්තයේ නීති උපදේශක ඇල්වතුරඩූඩ් අක්කි, එකදහස්නවසිය බරගනන්වල විජේවිර විප්ලවය කරනකොට රොන් අංකල් (චමිය) ඔය විප්ලවයේ කොටස් කරුවෙක් වුනා, මේ වෙනකොට විශ්වවිද්‍යාලයේ සමකාලීනයන් වූ මෙම දෙපල අපේක්ශාභංගත්වයෙන් ඉන්න කාලෙ තමයි මාවෝ සේතුං සහ චේ ගුවේරා සහෝදරවරුන් මේ දෙපලට සිහි වුනේ, ඒ වෙනකොටත් රොන්ගේ පලමු බිරිද ලෙනින් සහෝදරයත් එක්ක පදුරට නොකියම පැනල ගිය නිසා රොන් හිටියෙ අධික කලකිරීමකින්, තවද රොන්ගේ එකම දරුවාට විජේවීරගේ අංගලක්ශන පිහිටා තිබීමත් රොන්ගේ කලකිරීම වැඩි කිරීමට හේතුවක් වුනා, විප්ලයව ආරම්භක අවධියේම රොන් දෙපැත්ත කන්නෙකු බව විජේවිරට හොදාකාරවම වැටහී තිබුන කරුනක්, ඒ වන විටත් විශ්වවිද්‍යාලයේ කසිප්පු පෙරීමට සහ කංසා බෙදාහැරීමටත් ගුරු භවතුංගේ දැඩි දෝශදර්ශනයට රොන් ලක්වී තිබුනා කිව්වොත් මම නිවැරදියි, මේ කාලයේ රිව්ජේවිර ගල්කටස්, ටයර් සහ ඩප්පි අතටගන්නාවිටදී රොන් කලේ විප්ලවයේ මුද්‍රන කටයුතු සදහා සහයදීමයි, මුලින්ම රොන් පාට් ටයිම් ජොබ් එකක් ලෙස මරන දැන්වීම මුද්‍රනය කර හසල පලපුරුද්දක් ලබා සිටීම විජේවීරට මගහගු අස්වැසිල්ලක් වුනා, විජේවීර විප්ලවය ගැන සිහින මවන විට රොන් තම අනාගතය ගැන සිහින මැව්ව, රොන්ට තදබල ඇල්මක් තිබුනා තමන්ටම කියල පොඩි ප්‍රින්ටින් ප්‍රෙස් එකක් දාන්න,


විප්ලයව දියත්කර පසු රොන් මුලින්ම කලේ ඩප්පි මිලටගන්න වෙන්කල මුදලින් ඩිංගි බෝට්ටුවක් ගෙන ඉන්දියාවට පලායාමයි, ඉන්දියාවෙ මුට්ට කරගසා සහ තම පශ්චාභාගය කුලියටදීමෙන් උපයාගත් සුලු මුදලින් කන්ටේනරයක නැග කැනඩාවට පලායන්නට රොන්ට හැකිවුනා, මේ වෙනකොට විජේවීර විප්ලයය පැරදී සිටි නිසා රොන් තමා ගත් තීරනය ගැන සිටියේ පුදුම සතුටකින්, අවසානයේ කැනඩාවට සංම්ප්‍රාප්තවූ රොන් නොහොත් (රෙන්නරොන්න පිටියගේ බන්දුල මුතුබන්ඩා) තම මුල්ම රක්ශාව ලෙස මැක්ඩොනල්ඩ්ස් එක් අතුගාන්න පටංගත්තා, ඒ වනවිටත් පැයකට ඩොලර් 2කට පඩියකට උරුමකම්කී මේ කුල කුමරා මාස 3කට පසුව ගනිකා මඩමක ජංගි හෝදන රක්ශාව පටන්ගත්තා, මේ ලෙසින් රක්ශාවන් කීපයක් කරමින් දිගටම කාලය කා දැමූ රොන්ට හදිසියේම...............................

(මේ අවස්තාවේ රොන් තමා නිදාසිටි බූරු ඇදින් බිමට වැටී ඇහැරුනා, ඔහුට මේ වනවිටත් තේරුම්ගියා මේ සියල්ල හීනයක් බවත් තමා විශ්වවිද්‍යාලයකට වැස්සකටවත් ගොඩ නොවූ කාලකන්නියෙක් බවත්, කබ පිහදමා අසල වූ කසිප්පු කාල උගුරට දෙකට ගැසූ මේ සූකර පෝතකයා ආයෙමත් නින්දට වැටුනා)

Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed