එළකිරි එකේ පාඩුවෙ ඉන්න කෙනෙක් විදියට සහ මම මේක බලන් හිටපු කෙන්ක් විදියට කියන්නෙ රෙප් ආස්කින් ත්‍රෙඩ් එකම කියෙව්ව සුල මුල හොයාගන්න මගේ අදහස කියන්නම් පුළුවන් තරම් සාධාරණ විදියට ඕනනම් මටත් බැනපන්. මට නම් ඔය ත්‍රෙඩ් එකේ කිසිම වරදක් පේන්නෙ නෑ ඒකෙන් කරන්න හදල තියෙන්නෙ එක එක අය රෙප් ඉල්ලන හාස්යෝද්පාදක අවස්තා ඉස්මතු කරගෙන පොඩ්ඩක් හිනාවෙන්න. මුලදිම මිගාර සහෝදරය ත්‍රෙඩ් එකට ඇවිල්ල තිබ්බ පොඩි උදැල්ලක ස්වරූපයක් පේන්න තිබ්බත් අව්ලක් තිබ්බෙ නෑ. එක තැනකදි මල් බබා එළකිරි රේඩියෝ එකෙන් කුජීත වෙච්ච අවස්තාවක් (මොකද්ද කවි හොරකමක්, ඒ කමෙන්ට් එක කියවල මටත් හිනා) ඉස්මතු වෙලා තියෙනව ඔන්න ඕක වෙන්න ඕන මල් බබා සහ මිගාර ඔතෙන්ට ඇතුළුවෙන්න තිබ්බ ආසන්නනම හේතුව. එතැන් පටන් මේ දෙන්නට ඕන වෙනව ඔය ත්‍රෙඩ් එක වහන තැනට කටයුතු කරන්න. සෑහෙන උත්සහයක් දරල තියෙනව ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් ගෙනියන්න සහ රණ්ඩුවකට පැටලෙන්න ඒත් අව්ලක් නැතුව ත්‍රෙඩ් එක සෑහෙන දුර ගිහිල්ල තියෙනව. #653 කමෙන්ටුවෙදි GTRZ සහෝදරය ඇවිල්ල පොඩි හින්ට් එකක් ගහල ගිහිල්ල තියෙනව. ඒකෙන් එයා කියන්න හදල තියෙන්නෙ එළකිරි එකට කිසිම වැඩක් නැති මිනිස්සු (සිංහලෙන්ම කිව්වොත් බ්ලැකාලන්තෙ ඉන්න අය) යමක් කරන්නෙත් නෑ යමක් කරල රෙප් ඉල්ලන අයව අරියාදුවට ලක් කරන එක කුජීතයි කියල. මෙතෙන්දි මට පේන දේ තමයි GTRZ කියන පුද්ගලයම පැහැදිළිව එළකිරි එක බෙදල ඉවරයි (තමන්ට කඩේ යන අය සහ කඩේ නොයන අය වශයෙන්) . මේ ප්‍රකාශයත් සමඟම මල් බබා සහ මිගාර යන දෙපොළ ඇතුළු වෙනව (ඇත්තටම මේක හොඳට කතා වෙලා කරල තියෙන වැඩක් කියන එක බලන් ඉන්න කෙනෙක්ට පේනව). විනාඩි 6ක් වැනි සුළු කාලයකින් කලු ලන්තෙ ප්ලැටූන් එකම එතෙන්ට බහිනව අනිත් පැත්තෙ ඉන්නෙ මල් බබා සහ මිගාර කියන සහෝදරවරු විතරයි(ඔච්චර වැඩකාරයන්ට බැකප් එකක් දෙන්න එකෙක් නෑ). එතැන් පටන් එළි වෙනකන් මේ දෙන්නට ඉතා නින්දිත ආකාරයේ මඩ ප්‍රහාර වදින්න පටන් ගන්නව. ඒ ගොල්ලොම කරපු කියපු දේවල් ස්ක්‍රීන් ෂොට් සමඟ සහ ඒ ගොල්ලොම සුදු චරිත වෙන්න එක එක තැනක කරපු කතා ඒ ගොල්ලන්ටම විරුද්ධව කෝට් වෙලා තියෙනව, මල් බබා පොටෝ හොරකන් කරපුවයි මිගාර කෙල්ලෙක් වගේ ෆේස් බුක් එකේ ප්‍රොෆයිල් හදපුවයි ඔක්කොම. කමෙන්ට් වලට අනුව එක තැනක්දි ත්‍රෙඩ් එක ක්ලෝස් වෙලා ආයෙ ඇරල තියෙනව. ලස්සනම වැඩේ කියන්නෙ මෙච්චර බයිට් වෙලත් මල් බබා සහ මිගාර කියන දෙන්න ආයෙ ඇවිල්ල පොර ටෝක්ස් දෙන්න පටන් අරන් තියෙනව කිසී දෙයක් නොවෙච්ච ගානට. කලු ලන්තෙ කට්ටියට ආයෙ එන්න එනව උත්තර දෙන්න, DjSpk කියල කෙනෙකුත් එතනට පොඩ්ඩක් ඇවිල්ල එයාගෙ තියෙන දැණුම ගැන පම්පෝරියක් ගහල යනව මම හිතන්නෙ එයා කැම්පස් නොගොහින් PhD එකක් ගත්ත කෙනෙක් වෙන්න ඕන මොකද එතෙන්ට කිසිම අදාල නැති දෙයක් කියල යන්න එනව කාගෙ හරි බල කිරීමකට :D මිගාර නම් හිමිහිට ලිස්සනව මල් බබා ඉතුරු වෙනව. ආයෙ ඉතින් වෙච්ච දේ කියන්න ඕන නෑ නෙ බලන් ඉන්න බැරිම තැන GTRZ සහෝදරය ත්‍රෙඩ් එක ක්ලෝස් කරල දානව. මගෙනම අදහස එළකිරි එකේ බෙදීම් ඇති කරන්නෙ මිගාර සහ මල් බබා කියලයි. DjRam වගේ සහෝදරවරු එළිපිට මේ වගෙ රඟනව මම නම් දැකල නෑ. මේ දෙන්න (මිගාර සහ මල් බබා) කියන ආකාරයට සිංහ ලන්තෙ චැට් කරන්නෙ එළකිරි එකේ ඉන්න හොඳම සෙට් එකලු, කලු ලන්තෙ ඉන්නෙ චාටර්ම සෙට් එකලු මෙතනම මේ කට්ටිය මේක බෙදල ඉවරයි. කොමියුනිටි එකක බැලන්ස් එකක් ඇති වෙන්න හැම වර්ගෙම කට්ටිය ඉන්න ඕන ඒ වගේම තමන් තව කෙනෙක්ට ඇඟිල්ලක් දික් කරනවනම් ඉස්සෙල්ලම තමා නිවැරදි වෙලා ඉන්න ඕන. දැන් ඉතින් කොහොමත් මිගාරට සහ මල් බබාට මේ වෙච්ච නව නිංගිරාවට කරන්න තියෙන්නෙ මේක අමතක වෙනකන්ම කළු ලන්තෙ කට්ටියට බනින එක තමයි, එතකොට පොඩි මානසික සහනයක් එයි :P මටනම් උඹල දෙගොල්ලොම හොඳ කට්ටියක් (සිංහ ලන්තෙ වේවා / කලු ලන්තෙ වේවා) එළකිරි එකේ තියෙන ප්‍රශ්ණ ඒක ඇතුලෙම විසඳගනිල්ල මේ වැඩ දිහා බලන් පු*නුත් හිනා වෙන කට්ටියක් ඇති උඹලව කොටවල. අනික ඔන්ලයින් ලයිෆ් එක තමන්ගෙ ජීවිතේ කරගෙන ඒ මත්තෙ විනාස වෙන්න හදන්නෙපා ආතල් එකක් අරගෙන හැමෝම එක්ක හොඳින් ඉන්න බලපල්ල. Good Luck

බක්කරගේ හොරා පොලිස් කමෙන්ට් 108


Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed