ඊයෙ පෙරේදා මම කැළනි පුරවරයට ගියා. මර්වින් අංකල්ගේ ඒරියා එක නිසා මාවත් ගස් බදීවිද දන්නේ නැති නිසා නිසා කෝකටත් සූදානම් සරීරෙන් ගියේ. මගේ වෙලාව හොද හින්දද , මර්වින් අංකල්ගේ වෙලාව හොද හින්දද මන්දා කිසිම අතවරයක් නම් වුනේ නෑ. කැළණියේ ලස්සන දැක්කම මට ඉස්සර කැළනියේ අසිරිය ගැන කවි සංකල්පනාවක් ඇති වුනා. මම හිතුවා මට ඇතිවුණ හැගීම් සහෘද පාඨක කැලත් එක්ක බෙදාගන්න. නව පරපුරේ රචකයෝ සියලු දෙනාම නිසදැස් ආරෙන් කාව්‍ය නිර්මාණකරණයේ යෙදෙන නිසා මට හිතුනා පුරාණ සමුද්‍රඝෝශ විරිතට අනුව සිව්පද ආකාරයෙන් මගේ සංකල්පනාව එලිදක්වන්න. විශේෂයෙන් කිව යුතුයි මෙහිදී රොන් අයියා මට කාව්‍ය එඩිට් කරලා දීලා, එලිසමය, විරිත රැකෙන සේ පද කිඩ්නැප් කරලා දීලා මාහැගි රුකුලක් ලබා දුන්නා.කෙටියෙන් කියනවා නම් මේ හැම කවි පේලියකම අඩුම ගානේ වචන 3ක් වත් රොන් අයියා එඩිට් කරලා දාපුවා. ඒ වගේම ලක්ශාන් මල්ලි ෆොටෝශොප් වලින් ලස්සන බැක් ග්‍රවුන්ඩ් එකක් හදලා දුන්නා. රෙප් බලාපොරොත්තුවෙන් හදපු එකක් නොවෙන නිසා අඩු පාඩු එහෙම ඇති. ඒවා එච්චර ගණන් ගන්න එපා.එහෙනම් අපි රස විදිමු මගේ කුලුදුල් කවි පෙල...

( ප.ලි. - මෙය මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් නිසා මෙය උපුටාගෙන වෙනත් ෆෝරම් වල පලකරනවා නම් රිෆරල් ලින්ක් එකක් සහිතව එය සිදු කිරිමට තරම් කාරුණික වන්න . ප්ලීස් කවි උස්සන්න එපා )
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed