pirate of the caveman island

pirate of the carrebean triology අපි හැමෝම වගේ බලලා තියෙන, අපි බොහෝ දෙනෙක් ආදරය කරන ලස්සන ෆිල්ම්ස් 3ක්. විශේෂයෙන් ජොනී ඩෙප්ගේ සහ ඕලැන්ඩෝ බ්ලූම්ගේ අති දක්ශ රගපෑම් සහ විවිද සජීවීකරණ ප්‍රයෝග ලොව පුරාම රසිකයන් මේ චිත්‍රපට පෙල වෙත ඇදබැද තබාගන්න සමත් වුනා. මේක බලපු නැති එකෙක් හොයාගන්න එක රොන් අයියා පොර ටෝක් නොදී දාපු පෝස්ට් එකක් හොයා ගන්නවටත් වඩා අමාරු වුනත් කෝකටත් කියලා කෙටියෙන් කතන්දරේ මතක් කරලා දෙන්නම්. මේ චිත්‍රපට මාලාවේ කතා නායකයා ( වීරයා කියන්න අමාරුයි, මුහුදු කොල්ලකාරයෙක් නේ) තමයි කපිතාන් ජැක් ස්පැරෝ. ඔහුගේ වීර වික්‍රමාන්විත ක්‍රියා තමයි චිත්‍රපට ත්‍රිත්වයෙම තියෙන්නේ. ඔහුත් සමග ප්‍රධාන චරිත විදියට කපිතාන් බාබෝසා, එලිසබත් ස්වාන්, විල් ටර්නර් වගේ චරිත රැසක් තියෙනවා. ඇතැම් අවස්තාවලදී මේ ප්‍රධාන චරිතම ජැක් ස්පැරෝව පාවා දෙනවා. ඔහුට විරුද්ධව කටයුතු කරනවා. ඔවුන් විතරක් නෙවෙයි ජැක්ට බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා සමාගමේ ප්‍රහාරවලිනුත් බේරිලා ඉන්න සෑහෙන මහන්සියක් දරන්න සිදුවෙනවා. ජැක් ස්පැරෝගේ ස්ථානෝචිත ප්‍රඥාව, සැලසුම් සහගත බව නිසා සෑම අසීරු අවස්ථාවකින්ම ජැක් ගොඩ එනවා.ඒ අතර කොමිටල් චරිත වන රැගෙටි, පින්ටෙල් වගේ චරිතත් චිත්‍රපටය වඩාත් රසවත් කරන්න දායක වෙනවා.

පයිරට්ස් ඔෆ් ද කැරිබියන්වලින් පටන් ගත්තට අද මේ කියන්න සූදානම් වෙන්නේ නම් වෙන දෙයක් ගැන. මේ තමයි Pirates of the Caveman Island. මේක රගදැක්වෙන්නේ සීගිරි හෝල් එකේ. බලන්න උනන්දුවක් තියෙනවා නම් www.seegiri.com කියන ඇඩ්‍රස් එකට ගිහින් බලාගන්න පුලුවන්. ඒත් ඉතින් අවුරුද්දේ දවස් 365න් දවස් 200ක් විතර ටිංකරිං කරන්න හෝල් එක වහලා තියෙන්නේ. අදත් හෝල් එක වහලද දන්නේ නෑ. කෝකටත් ගිහිල්ලම බලන්න. මේ කතාව කෙටියෙන් කියනවා නම් ප්‍රධාන චරිතය තමයි ජී-මැස් . මෙයා සහ මෙයාගේ කසින් තුශාර කලින් වැඩ කරපු නැවෙන් අයින් වෙලා අලුත් නැවක් නමෝ විත්තියෙන් පටන් ගන්නවා. නැවේ කෲ එක මෙන්න මෙහෙමයි, කලින් නැවෙන් රම් හොරකම් කරල පයින් ගහලා පන්නපු රොන් සිල්බා තමයි සුක්කානම් රාල, තවුසන්ඩ් ටෝක්ස් බට් සීරෝ ඩීඩ්ස් තියෙන, ඉයා තමයි ලෝකේ ඉන්න සිරාම කෙල්ල කියලා හිතාගෙන ඉන්න අමා aka මහේශිකා තමයි නැවේ කැරිබියන් ඩාන්සර්, කුස්සි අම්මා සහ වට්ටි අම්මා.ගුණත් නැති අගුණත් නැති චීත්ත රෙද්දක් දැක්කම මුලු ලෝකෙම අමතක වෙන පතෝලයා ත්මයි තීන්ත බාස් (මෑන්ස්ගේ වැඩවල හොදකම නිසා හැමදාම නැවේ මොනවහරි රෙපයාර් එකක්. මේ අය ඇරුනම අන්තර්ජාතික බහුජාතික වියාපාරිණී බූන්දි මැතිණිය, සැමදා බූට් කන විරහ ගී රැජිණ බූරී, ඒ වගේම කැප්ටන් ජීමෑස් ගේ සුරතලේට ඇති කරන නාකි පූසා වගේම කොමිටල් බුවාලත් ගොඩක් මේ නැවේ කෲ එකේ ඉන්නවා. pirates of the caribean කියන්නේ ජයග්‍රහණයේ කතාවක් වුනාට pirates of the cavemans Island කියන්නේ පරාජයේ කතාවක්.
කෙටියෙන් කතාව කියනවා නම් නැවේ ප්‍රධාන නිලධාරින් දෙන්නා කැප්ටන් ජී මෑස් සහ තුශාර මුහුදු "කොල්ලකාර" කියන නමට ගැලපෙන විදියට caveman Island මුහුදු වෙරලට වෙලා බිබී ඉන්නවා.ඒ නැවේ පරිපාලනය බාර දීලා තියෙන්නේ, නැවේ වට්ටි අම්මා අමාටයි ටිංකරිං බාස් පතෝල අයියටයි සුක්කානං රාල රොං සිල්බටයි. මේ තුන් දෙනා එකතු වෙලා පශ්චාත් නූතනත්වය, දේශප්‍රේමය, විජාතික කුමන්ත්‍රණ වගේ තවුසන්ඩ් ටෝක්ස් දාලා නැව තමන්ට ඕන විදියට හසුරුවනවා. කැප්ටන් ජී මෑස්, සුක්කානම් රාලගේ ෆ්‍රී විශිකි වලටයි අමාගේ ෆ්‍රී (නිසි බලධාරියා විසින් කපා හරින ලදී ) වලටයි යට වෙලා එයාලට ඕන විදියට නැව පාලනය කරන්න දෙනවා. මේ තුන් කට්ටුව එයාලගේ වැඩවලට විරුද්ද, නැවේ උන්නතියට වැඩ කරන සියලුම දෙනාව නැවෙන් පන්නනවා. අන්තිමට නැවේ වැඩ ටික කරන්න බොට්ලා පවා ගෙන්වන්න වෙනවා. මේ වගේ සිදුවීම් ගොඩක් ඇතුලත් මේ චිත්‍රපටය තවමත් සීගිරි චිත්‍රපට ශාලාවේ තිරගත වෙනවා. ඉක්මන් කරොත් ඔබටත් පුරා පැය එකහමාරක කාලයක් ත්‍රාසය, පිලිකුල, විරහ වේදනවාව. ප්‍රසූත වේදනාව සජීවීව අත් විදින්න පුලුවන්.

Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed