මෙතන මම නැවතත් රොන් නිසැදස් හොරකම්කර අසුවූ සැටි මතක්කරන්නං

මේ තියෙන්නෙ රොන් මුලින් හොරකම්කර දාපු නිසැදස දැමූ ත්‍රෙඩ් එක රොන් වැඩේ අසුවූ පසු එහි දැමූ නිසැදස මකා දැම්ම, http://www.elakiri.com/forum/showthread.php?t=201872

මේ තියෙන්නෙ රොන් හොරකම් කෙරූ නිසැදසේ නියම හිමිකරුවා දැමූ නිර්මානය - http://www.sinhalaya.com/funcity/details.php?image_id=292

මේ තියෙන්නෙ එලකිරි ඇඩ්මින් මේ සියල්ල අල්ලාගත් ආකාරය - http://www.elakiri.com/forum/showpost.php?p=7845256&postcount=63

අවසානයේ රොන් එලකිරියෙන් නික්මයෑම - http://www.elakiri.com/forum/showthread.php?t=693311

අද අපි හෙලිකරන්න යන්නේ රොන් මහතා තමන්ගෙ ඇහේ තියෙන පොල්පරාලෙ අයින්කරගන්නෙ නැතුව අනුංගෙ ඇස්වල තියෙන පොල්කෙදි අයින්කරන්න යාමයි, එළකිරි ජේශ්ට සාමාජික මල්බබා එක්වරක් "මරනය" නැමැති කවියාට අයත් කවියක්/නිසැදසක් එළකිරි අවඩියේ දැමූවිට එය මහත් ආන්දෝලනයට තුඩුදෙන මාතෘකාවක් බවට පත්වුන හැටි ඔබ සැමට මතක ඇති කියා අප සිතමු, ඒ අවස්තාවේ අපගේ කතානායක රොන් මහතා "කල දුටු කල වල ඉහගනු" නියාය අනුගමනයකරමින් මල්බබාව දැඩි අපහසුතාවයකට පත්කරන්න තැත්කිරීම කිසිවිටකත් මානුශීක ක්‍රියාවක් නොවන බවයි අපේ හැගීම, එහිදී තම පලමු කමෙන්ට් එක ලෙස රොන් පලකල අදහස් මෙසේය

"නුන්ගේ නිර්මාන සොරාගෙන තමන්ගේ වගේ පලකිරීම කොහෙත්ම නිර්මානකරුවන් වශයෙන් අපට අනුමත කරන්න හා එකඟ වෙන්න බැහැ...

මම සුමුදු මල්ලී ගැන දන්නවා..ඔහුගේ නිර්මාන මං ආශාවෙන් කියවලා තියෙනවා.. මං හිතන්නේ සුමුදු මල්ලි මේ නිර්මානය FB එකෙත් දලා තිබුනා...

මෙය මෙහි පලකල අනිත් සොයුරා කිසියම් හෝ නිර්මානයට තිබෙනා ආශාවකින් හෝ එම කවිය තුල ඔහුගේ ජීවිතයට ඇති සමීප බව නිසා මෙම කවිය මෙතැන පල කරන්න හිතුවා වෙන්න පුලුවන්..ඒත් ඔහු අනිවාර්යෙන් කල යුතුව තිබුනේ සුමුදු මල්ලීගේ නිර්මාන අයිතිය ගැන සඳහනක් කිරීමයි....

ඉදිරියට එය ගැන අවධානය යොමු කරන්න කියල ආදරෙන් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා...

එහෙම වැරැද්දක් බොහෝවිට මෙහි සිදුවී තිබේ නම් සුමුදු මල්ලිගෙන් ඒ ගැන සමාව අයැදීම ඉදිරියේදී හොඳ නිර්මානකරුවෙක් වෙන්නට හා නිර්මානයට ඇලුම් කල කෙනෙක් වශයෙන් අනිත් මල්ලියා විසින් පැහැදිලිවම කල යුතු දෙයක්...."


ඉන් නොනැවතුන රොන් තවදුරටත් එම ත්‍රෙඩ් එකේ මල්බබාට පහර දුන්නා

"මල්ලිලා නිර්මානයේ අයිතිකරුවා ඉදිරිපත්වෙලා මගේ නිර්මානය මේ හොරාගෙන තියෙන්නේ කිව්වම එයාගෙන් නම ගම විස්තර අහලා ඔහුව අපහසුවට පත් කරනවට වඩා කල යුත්තේ එය තමන්ගේ නමින් මෙහි පල කල අනිත් සහෝදරයාගෙන් මේ බව විමසීමයි...

කෙනෙක් ඉදිරිපත්වී තමන්ගේ දේ කෙනෙක් හොරා ගත් බව වේදනාවෙන් කියද්දී හා ඊට තවත් කීප දෙනෙක් එය ඔහු විසින් රචිත නිර්මානයක් බවට සාක්කි දෙන්න ඉන්දැද්දී තවත් අපි ඔහුගෙන් වගතුග විමසිය යුතු නැති බවයි මගේ හැඟීම..නිර්මානය සතු කෙනා පමණයි දන්නේ ඔහු හෝ ඇය කෙතරම් එම නිර්මානය නිම කරන්න මහන්සියක් දැරුවද කියන එක....

අපි දැන් කල යුත්තේ අනිත් කෙනා විමසීමයි...."

තමන්ද කරනුයේ කවි හොරකම් කිරීමයැයි මදක්හෝ මොහු සිතුවානං මෙවනි ලෙස අනුනව අපහසුතාවයට පත්නොකර තමාද එම වරද නිවැරදිකරගැනීමටවත් යම් උත්සාහයක් දැරීම මනුශ්‍යයාගේ සිරිතයි, නමුත් NGO ඩොලර් වලට අපේ කම සහ අපේ දාඩිය කදුලි විකුනන රොන් නම්වූ පුද්ගලයා මෙය තඹ සතේකටවත් මායිම් නොකිරීම මිනිස්කමටත් ගැරහීමක් නොවෙද ?

අප ලියන්නේ ඔබට කියවීමට හා විමසීමටයි, තීරනය ඔබ සතුයි

Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed