ලංකාවේ වැඩියෙන්ම මාකට් කරන්න පුලුවන් වචන 3-4 අතර පලවෙනි හෝ දෙවනි තැන හිමිවෙන්නේ දේශප්‍රේමයටයි. ( මේ දවස්වල පොල් මිල, බිත්තර මිල පලවෙනි ස්තානයට සටන් කරත් තවමත් දේශප්‍රේමය එලියට විසි වෙලා නම් නෑ) . කොහොමත් ලංකාවෙන් 90%ක් විතර නිල්පාට, කොලපාට, රතුපාට දේශප්‍රේමියෝ නේ. අපේ රොන් අයියත් දේශප්‍රේමියෙක්. හරියටම කියනවා නම් කැපුවත් රතු සමාජවාදී විප්ලවවාදී දේශප්‍රේමියෙක්. සෝමවංශ අංකල් ඇරුනම ලංකාවෙන් බිහිවුන ලොකුම දේශප්‍රේමියා මෙයා තමයි. ලංකාවෙම ඉන්න දේශප්‍රේමියොන්ට දේශප්‍රේමය ගැන ටියුශන් දෙන්න වුනත් එයාට පොටෙන්ශල් එකක් සහ දැනුමක් තියෙනවා.
කොහොමද එයා මේ තරම් ලොකු දේශප්‍රේමියෙක් වුනේ. මෙන්න එයාගෙන් සැබෑ දේශප්‍රේමියෙක් වෙන්න පොඩි උපදෙස් මාලාවක්

1. සැබෑ දේශප්‍රේමියා ලංකාවේ නොසිට ලද පලමු අවස්තාවේම රටපිට පැන PR ලබාගෙන එහිම බින්න බැසිය යුතුය.
පැහැදිලි කිරීම~ රොන් අංකල් අයියා ලංකාවේ හිටියොත් ලංකාවට තියා අහල පහල සාක් රටවලට වත් වගතුවක් වෙන්නේ නැති නිසා චෑන්ස් එක ආපු කාලේම ( ඒ කියන්නේ රොන් අංකල් අයියගේ පක්සේ තරුණයෝ බල්ලෝ බලල්ලූ වගේ මහපාරේ මැරිච්ච 88-89 කාලේ) කැනඩාවට පැන්නා. ඒ ගියා ගියාමයි ආයෙත් ලංකාවේ පස් පෑගුවේ නෑ මෑන්ස්.

2. රට වෙනුවෙන් කට ඇරිය යුතුය, හැබැයි රොන්ගේ විදියට
පැහැද්ලිකිරීම~ ෆුල් ආතල් එකේ රට පිට ඉන්න ගමන් හවසට ශොට් එකක් දාන වෙලාවට ලංකාවේ ෆෝරම්, බ්ලොග්වලට ලොග් වෙලා රට වෙනුවෙන් කෙස් පැලෙන තර්ක දාන්න ඕන. රට වෙනුවෙන් දංගෙඩියට සොරි මස් කඩේට වුනත් යන ටයිප් එකෙන් ලොකු හෑලි දාන්න ඕන. මතක ඇතුව ඒ තඩි හෑලිවලට, ත්‍රිමාණ සජීවිකරණය, භෞමික අඛන්ඩතාවය, උණ්ඩුක පුච්චය, වගේ වචන 25-30ක් වත් දාන්න ඕන. එතකොට තමයි විදග්ධ බුද්ධිමත් ගතියක් එන්නේ.

3. ප්‍රොෆයිල් පික් එකට ශේක්ස්පියර්, විජේවීර, කාල් මාක්ස් වගේ සැර ඩයල්වල ෆොටෝ දාගන්න ඕන
පැහැදිලිකිරීම~ මේකට හේතු 2-3ක්ම තියෙනවා.
කොහොමත් ඇත්ත පික් එක දැම්මම කාඩ් එක කුඩු වෙනවා.දෙල්කඩ පොල ගාව ත්‍රී වීල් හයර් කරන ඩයල් එකක් වගේ එකෙක් පොරටෝක් දෙන්න ගත්තම මිනිස්සුන්ට තේරෙනවා මේ මොකෙක්ද කියලා.
අනිත් එක ඒ කාලේ බස් ගිනිතියලා, මිනිස්සුන්ට කරදර කරලා රට පැන්නට ඒවා මතක අය ඇරියස් ඉල්ලන්න පුලුවන්

4. ගෙදර මිනිස්සු උන්නද මලාද කියලා හොයලා නොබැලුවත් අපේ සාරධර්ම සංස්කුරුතිය ගැන කෙස් පැලෙනකන් කතා කරන්න ඕන
පැහැදිලිකිරීම~ කොට ගවුම ඇදීම, කෙල්ලෝ ලිප්ස්ටික්, කියුටෙක්ස් ගෑම, කොල්ලෝ එමිනම්, ඉරාජ්ගේ සින්දු ඇහීම වගේ සංස්කෘතික ක්‍රයිම් වලට විරුද්දව කටින් මෙන්ම **නුත් අභීතව කෑ ගහන්න ඕන.ගුරු මුශ්ටි තියාගෙන අලුත් පරම්පරාවට කිසිම දෙයක් උගන්නපු නැති ආත්මාර්ථකාමි ගායක සෙට් එක වෙනුවෙන් සරම ගලවන් කඩේ යන්න ඕන. ජාතියන්තර මට්ටමට ගිහින් රටට කීර්තියක් ගෙනාපු අලුත් ගායකයෝ ගෝල්ෆේස් එකට ගෙනැල්ලා කස පාර දීලා ලංකට් පිටින් පාරේ දුවවන්න ඕන. හැබැයි ෆ්‍රයිඩේ, සැටඩේ කට්ටිය සෙට් වෙනකොට ඩාන්ස් කරන්න එමිනම් , සත 50 කස්ටියගේ සින්දුම දැම්මට කමක් නෑ

5. තමන් කලාකාමී රසවතෙක් කියලා පෙන්වන්න ඕන
පැහැදිලි කිරීම~ විදග්ධ බුද්ධිමත් ප්‍රතිරූපය ගොඩ නගා ගන්න නම් තමන් කලාවේ පරතෙරට පැමිණි පොරක් කියලා පෙන්නන්න ඕන, ඉස්කෝලේ යන කාලේවත් කවියක් කෙටිකතාවක් ලියලා නැති වුනාට ප්‍රශ්නයක් නෑ. ලංකාවේ පොලොවේ පයගහලා ඉන්න, දේශද්‍රෝහී කවියෙක්ගේ , රචකයෙක්ගේ කවියක්, නිර්මාණයක් උස්සලා අදුරන ඇම්බැට්ටයෙක්ට කියලා ෆොටෝශොප් පාරක් දාගෙන තමන්ගේ වගේ පල කරන්න ඕන. එහෙම කවියක් හොයාගන්නම නැත්නම් සැලලිහිනි සංදේශයේ කවියක් වුනත් අවුලක් නෑ, අලුත් පරම්පරාවේ අය ඕවා කියවලා නැති නිසා හොරේ අහුවෙන්නේ නෑ. ඊලග වැදගත්ම දේ තමයි අනුගාමිකයෝ සෙට් එකක් හදාගන්න එක, ඒකට හොද කොමෙන්ට් කෑල්ලක් හදාගෙන ලේස්ති වෙලා ඉන්න ඕන. කවුරුහරි ගෝතයෙක් කවියක් කියලා මොකක් හරි අදෝනාවක් දැම්ම ගමන් අර කොමෙන්ට් 1 කොපි පේස්ට් කරලා එක දාගන්න ඕන. එතකොට වලියක් ගියත් බැකප් දෙන්න ඕන තරම් බුවා-බුවීලා සෙට් කරගන්න පුලුවන්

මේ වගේ උපදෙස් නම් ගමකට දෙන්න තරම් තියෙනවා. රොන් අංකල් අයියට විවේක වෙලාවක් බලලා ඉතුරු ටිකත් අහගෙන පෝස්ට් කරන්නම්

ඔබට ජය

Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed