ගහට ගහක් මුණගැහෙන්නේ මොරටුවේදි කියන කතාව අහලා තියෙනවද?? ඒත් ඒක දැන් පරණ කතාවක්. අලුත් කාලේට ගැලපෙන විදියට අලුත් තාලෙට කියනවා නම් ඒක මෙන්න මෙහෙමයි කියවෙන්නේ " ගහට ගහක් මුණ ගැහෙන්නේ කැනඩාවෙදී" මේ වගේ ම ඉංගිරිසි කතාවක් තියෙනවා"birds of same feather always flock together " කියලා. කඩුවෙන් කිරිච්චියෙන් කොහොම වැනුවත් මට තේරෙන විදියට මේකෙන් කියවෙන්නේ එකම ජාතියේ අය එකට සැට් වෙනවා කියන එක.
රොං අංකල් අයියා ගැන බැලුවමත් මේ කතාව ටක්කෙටම හරි. එයාත් එක්ක සැට් වෙලා ඉන්න එයාගේ දකුණු අත වගේ කෙනත් එයාටම හරියනවා. කවුද මේ කෙනා? අපේ සමහර පාඨකයෝ නම් එයාව දන්න බව දාපු එක්ස්ප්ලික්ට් කොමෙන්ට් වලින් පේනවා. එනිවේ නොදන්න අයට දැන ගන්න කියනවා නම් එයාගේ නම "අමා". වැරදියට වටහා ගන්න එපා අමන්දා ටෙලියේ ඉන්න ලස්සන නිලි නංගි කියලා. මෙයා වෙනම අමා කෙනෙක්.

අද කතා කරන්නේ මෙන්න මේ අමා ගැන. මේ අමා කැනඩාවේලු ඉන්නේ. (රොන් අංකල් අයියත් කැනඩාවේ නේ) එයා ඔහොම හිටියට සිරා නර්ඩ් කෙනෙක්. ලංකාවේ ඉස්කෝලෙක වැස්සකටවත් පස් පාගලාවත් නෑ. ඉගෙන ගන්න බැරිකමකට නෙවෙයි, ලංකාවේ ඉස්කෝලෙකින් ඉගෙන ගන්න තරම් දෙයක් එයාට නැති නිසා. ලංකාවේ උගන්නන මැත්ස්, සයන්ස්, සමාජ අධ්‍යනය , ඉතිහාසය, කඩු, කිරිච්චි මෙයාට ටොයිස් වගේ. විශේෂයෙන්ම ඉතිහාසය ගැන නොබෙල් තෑග්ගක් දෙනවා නම් මෙයාට තමයි ඒක හම්බෙන්න ඕන.කාලයේ වැලි තලාවෙන් වැසී ගිය තිත්ත ඇත්ත ලෝකෙට එලි කරන්න අමා මාර කට්ටක් කෑවා. ඉතිහාසය වෙනුවෙන් මෙයා වැස්සට තෙමිච්ච තරම , අව්වට වේලිච්ච තරම මෙයාගේ ෆොටෝ එකක් දැකලා තියෙන අය ඉන්නවා නම් මීටර් වෙනවා.කොහොමහරි මෙයා තමයි කතරගම දෙයියෝ බේබද්දෙක් කියලා ඓතිහාසික සාධක වලින් ඔප්පු කරලා පෙන්නුවේ. යෙහෙලි බලපු අයට මතක ඇති අමා සෙල්ලකතරගම කන්දෙන් කතරගම දෙයියෝ අනුමත වෙලා විසිකරපු බැදපු කරවල කෑලි හොයාගත්ත හැටි. ඒ විතරක් නෙවෙයි මෙයා තමයි රාවණාගේ මුතු මැණික් එබ්බවූ රෝයල් රා පොල්කට්ට කැණීම් කරලා හොයාගත්තේ( ඒක නම් දැන් රොන් අංකල් අයියගේ ට්‍රෝෆි කැබිනට් එකේලු) . වෙන එකක් තියා මෙයා හනුමගේ වලිගේ පොසිල කෑලිත් හොයාගෙන තියෙනවා. ඉන්දියාවේ ඉතිහාසඥයොත් බොරු කියලා කියපු රාමායන සීන් එක ඇත්ත කියලා ඔප්පු කරේ මෙයා තමයි. අවුරුදු 5000 කට කලින් ලංකාව ඉන්දියානු ද්‍රවිඩ යටත් විජිතයක් වෙලා තිබුන බව ඔප්පු කරපු නිසා පොංගු ටැමිල් උත්සවයකදි සම්මානයකුත් අමාට ලැබුනා.

අමාට කැනඩාවට සල්ලි ගෙවලා ෆ්‍රී ඉගෙන ගන්න ඉස්කොලර් එකක් හම්බුනෙත් එයාගේ මහා දැනුම් සම්භාරය නිසාලු. එයා කැනඩාවට වෙලා සෙමෙස්ටර් 8-9ක විතර වැඩ එක අවුරුද්දකින් ඉවර කරනවලු. ඒත් එක්තරා සයිට් එකක ඔන්ලයින් ඉන්න වෙලාවයි, රොන්ට කඩේ යන වෙලාවයි, සාමාන්‍ය මනුස්සයෙක් නාන්න, කන්න, නිදාගන්න වැය කරන වෙලාවයි, ස්කයිප් එකේ ඕපාදූප හලහල ඉන්න වෙලාවයි බැලුවම එයාට දවසට පැය භාගයක් විතර තමයි ඔය ඉගෙන ගන්න වැඩ වලට ඉතුරු වෙන්නේ. එයාගේ බාසාවෙන්ම කියනවා නම් එයා යක් පැටිස් කෙනෙක් ( යකින්නක්) නිසා ඕවා කොරන්නත් පුලුවන් ඇති.
මේ දවස්වල රොන් අංකල් අයියයි අමායි කරන්නේ තුන්හුලස් පියාඹන පීරිසියක් හදන එක. කැණිම් වලින් නිරාවරණය කරගත්ත විමාන ශාස්ත්‍ර කියන පුස්කොල පොතක තියෙන උපදෙස් අනුව තමයි මෙයාලා මේක කරන්න හදන්නේ. මගේ සිගිති මොලේට තේරෙන විදියට හදා ගත්ත ගෙදරටත් විමානය කියන නිසා සමහරවිට මෙයාලා සිවිල් ඉංජිනියරිං පොතක් බලාගෙනද දන්නේ නෑ ඒවියේශන් ඉන්ඩස්ට්‍රියට බැහැලා තියෙන්නේ. කොහොමත් වැඩේ හරි ගියොත් දෑවැද්ද ගැන වුනත් බය වෙන්න දෙයක් නෑ . (දෑවැද්දක් නැතුව ඇස් පේන කෙනෙක්ට නම් අමාව දීග තල දෙන්න අමාරුයි. )

එනිවේ ඉස්කෝලේ යන කාලේ කාක්කේක් වත් හදලා නැති වුනාට මෙයාලා කරන්න යන වැඩේ හොද නිසා අපිත් සුබ පතනවා. ඒ වගේම අපේ විවර්ස්ලට පොඩි ටිප් එකකුත් දෙන්න කැමතියි. අහසේ වැරදිලාවත් කැවුමක් වගේ ගැජමැටික්ස් එකක් යනවා දැක්කොත් ඒ රාවණාගේ සොරි, අමාගේ ප්ලේන් එක. ඇන්ඩ් ඒක ඔයාගේ ඔලුවට උඩින් යනවා දැක්ක ගමන් මොකක්ද කරන්න ඕන?? 119 කෝල් කරන එකද? අපෝ නෑ හොද හයිය වහලක් යටට යන්න, නැත්නම් පරණ යකඩ කෑලි ඔලුවට වැටිලා පිටගැස්ම හැදිලා මැරෙන්න පුලුවන්.

Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed