හරි මිගාර ගැන දැන් දන්නවා නේ. මෙයාගෙ මේ ලව් ස්ටෝරිය ගැනත් ටිකක් කතා කරමු. ඔන්න ඉස්සර වාසනා බේකරියේ වැඩ කරන කාලේ මෙයා සුපුරුදු පරිදි පරන යකඩ ලංකට් එක ඇදලා (ලොකු බාස් උන්නැහේ අරන් දීලා තියෙන්නේ, මොකද එයා කැමති නෑ එයාගේ ලිදෙන් අහල පහල මිනිස්සු වතුර ගන්නවට ) ලුමාලා බයිසිකල් කටුවේ නැගලා පාන් පෙට්ටියත් අරන් යනවා. එහෙම යන අතරේ එයා ලස්සන නංගි කෙනෙක් බැල්කනියකට වෙලා බෙඩ් ටී එක බොනවා දකිනවා. ඒ නංගිගේ නම සචී. රෝස පාට නයිට් ගවුමක් ඇදලා ඉන්න සචිගේ කිතුල් රෑනක් වගේ කොණ්ඩේ උදේ මද සුලගට ලෙලදෙනවා. සමනල්ලු සචියගේ මූන වටේ කැරකෙනවා. මීමැස්සෝ සචියගේ මී වදේ පැනි බොන්න හෙන ගේමක් දෙනවා.සචීගේ සුදුපාට සීනි බනිස් වලටත් වඩා සුමුදු බනිස්, කිඹුලා බනිස් වලට වඩා ලස්සන, රසවත් කකුල් දැක්කම මිගාර ආදරයෙන් උමතු වෙනවා. බයිසිකල් කටුව පදින ගමන් මිගාර ජෝතිපාලගේ ආදර ගීත මුමුනනවා. තනියම හිනාවෙනවා. ඊට පස්සේ ආයෙත් හිනාවෙනවා. බයිසිකලය හයියෙන් පදිනවා, හිමින් පදිනවා. බයිසිකලේ උස්සන් නටනවා. කඩවල් වලට දාන්න යන බනිස් මිරිකනවා. කිබුලා බනිස් ලෙවකනවා. හරි ජංජාලයයි. මේ විදියට මිගාර සචීට මාස 3-4ක්ම හිතින් ලව් කරනවා. හැමදාම හිතින් දුක් විදින්න බැරි නිසා හිතලා හිතලා අනිත් අත් උදව් කාරයන්ගෙන් ණයට පුරුෂ ධෛ‍ර්‍යය ඉල්ලගෙන මිගාර තීරණය කරනවා සචීගෙන් කැමත්ත අහන්න.
ඉතින් පොර මුතුමිණ හම්බෙලා වෙලාවක් සුද්ද කරගෙන, ලොකු බාස් උන්නැහේ නිදාගන්න අතරේ එයාගේ අන්ඩර්වෙයාර් එකක් හොරෙන් පන්නගෙන, එහා ගෙදර ඇන්ටිගේ බ්ලවුස් එකකුයි ජීන්ස් එකකුයි උස්සගෙන් ඇවිත් කාටවත් නොපෙනි මද සරු භාවයට, ලිංගික අප්‍රාණිකත්වයට බෙහෙත් ගන්න යනවා වගේ හොරෙන්ම සචියා මුණගැහෙන්න පිටත් වුනා. දාහක් බලාපොරොත්තු තියාගෙන සචියගේ ගෙදරට ගියත් එයාට ජීවිතේ හැමදාම පුරුදු විදියට එදත් බලාපොරොත්තු කඩවීමකට මූන දෙන්න සිදුවුනා. එදා සචියාත් එක්ක ජෝඩු දාලා හිටියේ සචියගේ සල්ලිකාර බෝයිෆ්‍රෙන්ඩ්.එයා සචියට ෆ්‍රෙන්ච් කිස් එකක් දෙනවා දැක්ක මිගාරගේ බලාපොරොත්තු බලා ඉදිද්දි සී සී කඩ වුනා.එදා ඉදලා සචියත් එක්ක වෛර බැන්ද මිගාර ඒ වෛරය එක්තරා සුප්‍රසිද්ධ ෆෝරම් එකක( එයාගේ මේන් කස්ටමර්ගේ) පලකරේ " පෝලිම් දාලා සචීට අරින්න ඕන " කියලයි.
සමාජයේ අපි දකින හැම ආදර කතාවක්ම සාලිය අසෝකමාලා ,අභිශේක් අයිශ් , සාජහන් මුම්ටාස්, අච්චුවට ඉතිහාසයේ සටහන් වෙන්නේ නෑ. මිගාර-සචී ආකාරයේ පෙම් කතාත් ඉතිහාසයේ දුර්ලභව හෝ දකින්න ලැබෙනවා. ඉතින් මිගාරගේ පොන්ටි හැසිරීමට හේතුව අපි දැන් දන්නා නිසා , එයාට අපේ අනුකම්පාව දක්වමින් අහමු ...... සුරගන කිරිල්ලියේ - ඉරාජ් ft ඉන්ෆාස්

Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed