අන්තර්ජාලය විවිධාකාරයි එසේම පුදුමාකාරයි. ශ්‍රීලංකා බ්ලොග් අවකාශයේ අනේකවිදි බ්ලොග් අඩවි ඔබට දකින්නට ලැබෙනවා, සමහර අඩවි සමාජයේ යක්ශයන් ලෙස දකින අතර තවත් සමහර අඩවි දෙවියන් වැඩ සිටින අඩවි සේ පෙනෙනවා, එනමුත් එම සියලු බ්ලොග් අඩවි වල තිරයෙන් පිටුපස යකුන් මෙන්ම දෙවියන්ද වැඩ වාසය කරනවා, එම සියලු අඩවි වල පොදුවේ හොද නරක පසෙකලා අප සියලු දෙනා එක දෙයක් මෙපමනක් කල් දුටුවා, ඒ අපේ දිලුම් නොහොත් ඉලංදාරියා සොයුරාගේ නිහඩ ලොව බිදින්නට පෙර දැරූ උත්සාහයයි, එහෙත් ඔහු වෙනුවෙන් බ්ලොග් අඩවි වල බැනරයක් දමන්නට කාරුනික වූ අය මෙන්ත ඔහුගේ ලගින්ම සිට මෙපමනක් කල් ඔහුගේ ජීවිතර එලිය කරන්නට උත්සාහ කල සියල්ලගේම දෑසට කදුලක් නංවමින් ඉලංදාරිය අවසන් ගමන් ගියා, මහනුවර මහ රෝහලේ {NC-ICU-2} හි ප්‍රතිකාර ලැබූ දිලුම් සොයුරා අප අතරින් සදහටම සමුගත්තා.


RSS කතෘ මන්ඩලයේත්, සංස්කාරක මන්ඩලයේත් අප කන්ඩායමේත් බලවත් ශෝකය දිලුම් සොයුරාගේ පවුලේ සැමට පල කර සිටින්නෙමු !! මතු ඉපදෙන ආත්මයන්හී කිසිම විටක ඔබට නැවත මෙවන් අකල් මරනයක් අත් නොවේවා !! ඔබට නිවන් සුව !!
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed