රොන් ඈස් අවුරුදු සල්ලාපය

රොන් ඈස් යනු ඔයගොල්ලන්ගේ බොහෝම හිතාදර ,දායාබර වංචනිකයන් හෙළිකිරීමේ අඩවියක් බව කොල්ලෝ කුරුට්ටෝ, පවා නොව අපේ බබ්123 වගේ වයසක අන්කල්ලා පවා හොදට දන්නා කාරණාවකි. ඉතින් මුලින්ම අපේ සල්ලාපය පටන් ගැනීමට කලින් අපේ කණ්ඩායම කැමතිය ඔයගොල්ලන්ට අවුරුද්දට සුභපතලා ඉන්න ඉතා ලෙන්ගතු ලෙස.

දැන් කවුරුත් හනි හනි කට අවුරුද්දට ලක ලැහැසිති වනවා ඇති කියා අපි විශ්වාස කරනවා එම නිසා මෙම ලිපිය බෝහෝවිට අවුරුද්දෙන් පස්සේ ඔබලාට කියවීමට හැකිවේවි කියා තමයි හිතන්න වෙන්නේ. අවුරුද්දේ ප්‍රධාන අරමුණක් වන්නේ සතුට ,සහයෝගය, වර්ධනය කරගැනීම සහා පරණ තරහා මරහා අමතක කර නව අදහස් ඇති පුද්ගලයෙකු සේ සමාජයට මුහුණ පෑමයි. අපි එම නිසා බබාට සහා මිගාරට අවුරුදු පිළිගැන්වීමට සුදානම්.

නොනගතය ඇති මේ වෙලාවේ සියලු දෙනා වැඩ කටයුතු වලින් අත්හැර ආගමික කටයුතු සදහා දායක වීම යෙහෙකි යෑයි සම්මතයේ පවතිනවා. නමුත් සුපුරුදු ලෙස සමාජ රාමුවෙන් එහාට යන අපේ දයාබර gtrz ගේ අඩවිය දැන් හනිකට අවුරුදු ක්‍රිඩා පවත්වනවා කියා රොන් ඈස් එකට ඉතා විශ්වාසනීය මාර්ගයකින් සැලකර සිටිනවා. සචි එක පැත්තකින් රබන් ගහද්දී. මිගාර සහ රැමා අනෙක් පැත්තෙන් කඹ අදින අවුරුදු සිරිය පාන එකට කදිම උදාහරණයක් නොවෙයිද? සුපුරුදු පරිදි බබාගේ කඩේ යෑම ජයටම කෙරීගෙන අන්දම කඹ අදින පැත්තේ ගියොත් අපේ හිතාදර රසිකයන්ට බලාගන්න පුලුවන් වනු ඇතිබව මට විශ්වාසයි. සියලු දෙනාට එසේ නම් සුභම සුභම අළුත් අවුරුද්දක් වේවා කියා අපේ කණ්ඩායම පතමි !!
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed